අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ජුනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (03) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ගෙවීම් අදියර දෙකක් යටතේ සිදු කෙරෙන අතර, පළමු අදියර යටතේ වැඩිහිටි ප්‍රතිලාභීන් 621,761 දෙනෙකු සඳහා රුපියල් 3,108,805,000ක මුදලක් බැර කෙරේ. දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි ප්‍රතිලාභීන් 76,139 දෙනෙකු වෙනුවෙන් රුපියල් 380,695,000ක මුදලක් ද අද දිනයේ ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇත.
















