අස්වැසුම සුබසාධන ප්රතිලාභ ව්‍යාපෘතිය යටතේ අගෝස්තු මසට අදාළ දීමනා අද (19) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව, පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 999,502ක් සඳහා රුපියල් බිලියන 9.241ක මුදලක් ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 212,955ක් සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.322ක මුදලක් ද බැංකු ගිණුම්වලට බැර කෙරේ. මෙලෙස අදියර දෙකම යටතේ ප්‍රතිලාභී පවුල් මිලියන 1.2කට අධික සංඛ්‍යාවකට අගෝස්තු මස සඳහා මූල්‍ය ආධාර හිමිවන අතර, අදාළ දීමනා ලැබී ඇද්ද යන්න පරීක්ෂා කර බලන ලෙස මණ්ඩලය විසින් ප්රතිලාභීන්ගෙන් ඉල්ලා සිටී.














