උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජේ. ආර්. ජයවර්ධන රජය සමයේ උඩදුම්බර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සේවයක් ඉටු කළ මහජන නියෝජිතයෙක්.
ඒ මහතාගේ දේහය අද (17) පස්වරු 2.00 සිට සැප්තැම්බර් 19 වැනිදා පස්වරු 2.00 දක්වා පේරාදෙණිය, ඊරියගම, කොළඹ පාරේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනිදා පස්වරු 4.00ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
















