27 April 2024
#දේශීය

නීති විරෝධා වන විනාශය ගැන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය – ආරක්ෂක ලේකම්

නීතිවිරෝධී වන සම්පත් විනාශය පිළිබඳව අවධානය යොමු කර ඇති බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවත් හා දැව කැපීමට පෙර එවැනි උත්සාහයන් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය බව හෙතෙම පැවසිය. මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති අතර එබැවින් එය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කරමින් අධීක්ෂණය කරන බව ඔහු පැවසීය.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (25) දිස්ත්‍රික් ලේකම්වරුන් / දිසාපතිවරුන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා “අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි” යනුවෙන් නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක , ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවේදිය.

වන සම්පත් අඩුවීමට තුඩු දෙන පරිසර විනාශයට පිළිබඳව සුපරීක්ෂාකාරී වීමට සහ ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඔහු දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් / දිසාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෑතදී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම්වල වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *