27 April 2024
#දේශීය

රාජ්‍ය සේවය මිලිටරිකරණයට අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල අසයි

අංක 2178/18 දරණ ගැසට් පත්‍රය මගින් ස්වාධීන රාජ්‍ය සේවය හමුදා පාලනය යටතට පත්කොට ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කියා සිටියේ මැතිවරණය දිනය පිළිබද තීන්දුව ලබාදෙන දවසේ රාත්‍රියේ මෙම ගැසට් පත්‍රය නිකුත් කොට ඇති බවයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරුන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළ මට්ටමක සිටි බවත් මෙම ගැසට් පත්‍රය හරහා අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් හමුදාපතිවරු යටතට පත්කොට ඇති බවත් පැහැදිලිවම මෙමගින් රාජ්‍ය සේවය මිලිටරිකරණයට පත්කොට ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී කිරිඇල්ල මහතා මෙසේ අදහස් පල කර සිටියේය “අංක 2178/18 ගැසට් පත්‍රයක් මගින් 12 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරලා තිබෙනවා. ඒ දොලොස් දෙනාම හමුදා නිලධාරින්. මේකේ භයානකකම තමයි අපේ කීර්තිමත් රාජ්‍ය සේවය මේ කාර්ය සාධක බලකාය යටතට පත්කරලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින් දොලොස් දෙනෙක් සිටිනවා. මේ ගැසට් පත්‍රය අනුව අපේ රාජ්‍ය සේවයේ නිලධාරින් සියළුදෙනාම කාර්ය සාධක බලකායෙන් ලබාදෙන නියෝග ක්‍රියාත්මක කරන්න ඕන. මේක අපේ ව්‍යවස්ථාවට පටහැනියි. මොකද රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක්. අපේ රටේ ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවය පාලනය වෙන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන්. ඒ වගේම රාජ්‍ය සේවයේ ජේ්‍යෂ්ඨත්වය අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සිටින්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් මේ මේක කණපිට පෙරළලා. සිය`එ රාජ්‍ය සේවකයන් මේ කාර්ය සාධක බලකාය යටතට ගෙනත් තිබෙනවා. ඔවුන් දෙන නියෝග ක්‍රියාත්මක කළේ නැත්නම් ජනාධිපතිට මේ බව ලිඛිතව දැනුම් දෙන්නත් මේ අයට බලය දීලා තිබෙනවා. ඉතින් මේක භයානක තත්වයක්. රට මිලිටරිකරණයට ක්‍රමක්‍රමයෙන් රැගෙන යන වැඩපිළිවෙලක් වශයෙන් හදුන්වන්න පුළුවන්. මේ කාර්ය සාධක බලකායේ සිටිනවා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඩී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වශයෙන් 13දෙනෙකු යටතට රාජ්‍ය සේවය යටත් කරලා තිබෙනවා. මේ අය දෙන නියෝග රාජ්‍ය සේවය ක්‍රියාත්මක කරන්න ඕන. එසේ ක්‍රියාත්මක නොකළහොත් අතිගරු ජනාධිපතිතුමාට ඒ බව දැනුම්දෙන්නත් බලය දීලා තිබෙනවා. මම රාජ්‍ය සේවයෙන් අහනවා මෙම නියෝග පිළිගන්න ඔබ සූදානම්ද ? ඒ වගේම කාර්ය සාධන බලකායට වගකීම් පවරලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමට එය වරදක් නැහැ. ඒ වගේම සිරගෙවල් තුළ ඇතිවන යම් යම් සිද්ධීන් පිළිබදව සොයාබැලීමට, භයානකම දේ තමයි සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධී කටයුතු ගැන හොයන්න බලයක් දීලා තිබෙනවා. මොකක්ද මේ සමාජ කණ්ඩායම්වල සමාජ විරෝධි වැඩ කියන්නේ ? ඒ ගැන පැහැදිලි අර්ථනිරූපණයක් දීලා නැහැ. කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *