අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් බැංකු කාඩ්පත් දෙකක් සොරකම් කර, එමඟින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරත වූ පෙදරේරුවෙකුගේ පෙම්වතියක් වන 26 හැවිරිදි හම්බන්තොට, සිරිබෝපුර පදිංචි එක් දරු මවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පෙදරේරුවාගේ උපදෙස් මත මව සමඟ ව්‍යාපාරිකයාගේ නිවසේ රාත්‍රියක් ගත කළ සැකකාරිය, එම රාත්‍රියේදී බැංකු කාඩ්පත් සොරකම් කර පලාගොස් තිබේ.
පලායන අතරතුර බැංකු කාඩ්පත්වලින් මුදල් ලබාගෙන ඇති ඔවුන්, වාද්දුව ප්‍රදේශයේදී විවාහය ලියාපදිංචි කර හෝටලයක මංගල මධුසමයද ගත කර ඇත. පසුදින වැලිගමදී පෙදරේරුවා මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකාර කාන්තාව මාතර ප්‍රදේශයට ගොස් සොරාගත් කාඩ්පත් මඟින් නවීන ජංගම දුරකතන දෙකක් සහ රන් භාණ්ඩ ඇතුළු දෑ මිලදී ගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කර සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














