ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයෙන් සේවයට පැමිණීම හා පිටවීම නිසි ලෙස තහවුරු නොකර, ශ්‍රී ලංකා රේගුව විසින් 2025 වර්ෂයේදී රේගු නිලධාරීන්ට අතිකාල දීමනා ලෙස රුපියල් බිලියන 1.426කට (රුපියල් කෝටි 142කට) අධික මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබේ.
විගණන වාර්තාවට අනුව, මෙලෙස පැමිණීම හා පිටවීම විධිමත් ලෙස තහවුරු නොකර ගෙවන ලද මුදල් අතරට නැව්බඩු පරීක්ෂා කිරීමේ ගාස්තු ලෙස රුපියල් මිලියන 92.02ක් සහ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ගාස්තු ලෙස තවත් මිලියන 12.97ක් ද ඇතුළත් වේ.













