ඕස්ට්‍රේලියාවේ මූල්‍ය පද්ධති නියාමකයා වන ඕස්ට්‍රේලියානු ප්‍රඩෙන්ෂල් රෙගුලේටරි අධිකාරිය විසින් දේශීය බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ. එමගින් පෙන්වා දී ඇත්තේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයට සාපේක්ෂව බැංකු අංශයේ තොරතුරු ආරක්ෂණ ක්‍රමවේදයන් ප්‍රමාණවත් මට්ටමක නොපවතින බවයි.
නවීන කෘත්‍රිම බුද්ධි මාදිලි භාවිත කරමින් සයිබර් ප්‍රහාරවල වේගය සහ ප්‍රමාණය වැඩි කිරීමට අපරාධකරුවන්ට හැකියාව ලැබී ඇතැයි නියාමකයෝ අනතුරු අඟවති. එම නිසා බැංකු තම තොරතුරු ආරක්ෂණ ක්‍රමවේදයන් කඩිනමින් පුළුල් කරගත යුතු බවට දැඩි අවවාදයක් කර ඇත.
බැංකු පාලක මණ්ඩලවලට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත අවදානම් හඳුනාගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තවමත් ප්‍රමාණවත් නොවීම මෙන්ම බැංකු බොහෝ විට තනි සැපයුම්කරුවෙකු මත පමණක් යැපීම හේතුවෙන් විශාල ඒකීය අවදානමක් මතුව තිබෙන බව මෙම වාර්තාවේ සඳහන් වේ.
ආරක්ෂිත ක්‍රමවේද ශක්තිමත් කිරීම, නිසි වේලාවට මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ සයිබර් අවදානම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම හරහා මෙම අභියෝගය ජයගත හැකි බව නියාමකයන් අවධාරණය කරයි.














