පසුගිය මාර්තු මාසය සඳහා ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.3% ක් ලෙස නොවෙනස්ව පවතින බව එරට සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (16) නිවේදනය කළේය. මාර්තු මාසය තුළ අලුතින් පුද්ගලයන් 17,900 කට රැකියා අවස්ථා උදාවී ඇති අතර විරැකියාවෙන් පෙළෙන පිරිස 3,700 කින් පහත වැටී තිබේ. කෙසේ වෙතත්, මෙම දත්ත මඟින් ඉරාන යුද වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇතිවිය හැකි ආර්ථික බලපෑම තවමත් පෙන්නුම් නොකරන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශ්ලේෂකයන් පවසන පරිදි මෙය “කුණාටුවකට පෙර පවතින නිහඬතාව” (Calm before the storm) වැනි තත්ත්වයක් වන අතර ඉදිරි මාසවලදී මැදපෙරදිග අර්බුදය නිසා එරට රැකියා වෙළඳපොළ දැඩි පීඩනයකට ලක්වීමට ඉඩ ඇත. උද්ධමනය 5% මට්ටම දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, ලබන මැයි මස පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ (RBA) රැස්වීමේදී පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීම පිළිබඳව තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














