ඇන්ටාක්ටිකාවේ දැඩි ශීත කාලගුණය, හිම සහ සම්පූර්ණ අඳුර මධ්‍යයේ රෝගී වූ ඇමෙරිකානු පර්යේෂණ සාමාජිකයෙකු බේරා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කණ්ඩායමක් විසින් විශේෂ වෛද්‍ය ගුවන් මෙහෙයුමක් සාර්ථකව නිම කර තිබේ.
‘Skytraders’ ගුවන් සමාගම පැවසුවේ, මැක්මූර්ඩෝ (McMurdo) පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ලැබුණු හදිසි වෛද්‍ය ඉල්ලීමකට අනුව මෙම අසාමාන්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. සෙල්සියස් අංශක -43 දක්වා පහත වැටුණු දැඩි ශීත තත්ත්වයන් සහ කාලගුණික බාධා මධ්‍යයේ වුවද, ‘Airbus A319’ ගුවන් යානය සාර්ථකව ගොඩබැස්සවීමට කාර්ය මණ්ඩලය සමත් වී ඇත. අනතුරුව රෝගියා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් (Christchurch) නගරයට රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා භාර දී ඇති අතර, ඔහු මේ වන විට සුවය ලබමින් සිටී. ටස්මේනියාවේ හොබාර්ට් (Hobart) නගරයෙන් පිටත්ව ගිය මෙම මෙහෙයුම සඳහා හදිසි ඉල්ලීම ලැබී පැය 24ක් ඇතුළත ගුවන් යානය වෛද්‍ය ප්‍රවාහන තත්ත්වයට සකස් කර තිබේ.














