27 April 2024
#දේශීය

ත්‍යාග ලබාදෙන පණිවිඩ ක්ලික් කිරීමට යාමෙන් වලකින්න

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ ක්ලික් කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි 100 කට අධිකව ලැබී ඇති බවයි.

මෙම ව්‍යාජ පණිවිඩ හරහා ඕනෑම අවස්තාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි අතර ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකිය. තවද ඔබ නොදැනුවත්ම මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීමක්ද සිදුවිය හැකිය.

 

මෙවැනි ව්‍යාජ පණිවිඩ ක්ලික් කිරීමට යාමේදී කල්පනාකාරීව කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *