27 April 2024
#දේශීය

කළු ඉරිදාවක් .. කළු ඇඳුමින් පල්ලි එන්නැයි කතෝලික සභාව දැනුම් දෙයි

පාස්කු ඉරුදින සිදු වු ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට බලකරමින් මෙරට කතෝලික සභාව විසින් හෙට (07) දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සියලු බැතිමතුන්ට හෙට දේව මෙහෙයට සහභාගීවීමේදී කළු ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදු කරයි.

ඒ අනුව හෙට දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාව කළු වස්ත්‍රයෙන් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *