2026 වසරේ නිෂ්පාදනය කරන ලද, ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන දැවැන්ත වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘Azalea Leader’ හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.
වාහන 4,810ක් ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති මෙම නෞකාව, දේශීයව ගොඩබෑම සඳහා තවත් වාහන ඒකක 47ක් රැගෙන පැමිණ ඇති අතර, එහි සමස්ත උපරිම ප්‍රවාහන ධාරිතාව වාහන ඒකක 7,000කි. පරිසර හිතකාමී නව තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම නෞකාවේ ප්‍රධාන එන්ජිම සඳහා Exhaust Gas Recirculation (EGR) තාක්ෂණය යොදාගෙන තිබීම විශේෂත්වයකි.













