බඩල්ගම පොලිස් වසමේ ස්ටාර්වත්ත, ආඩිමුල්ල ප්‍රදේශයේදී තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් පිළිබඳව බඩල්ගම පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
මියගොස් ඇත්තේ ආඩිමුල්ල ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. මෘත ශරීරය දැනට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (02) දිනයේදී සිදු කිරීමට නියමිතව ඇත.
මරණයට හේතුව සහ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝ පසුබිම පිළිබඳව බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















