බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී අද (27) උදෑසන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව ඇති අතර, එහිදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රීරෝද රථය පැදවූ පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත. මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරීමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවද වාර්තා වේ.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ත්‍රීරෝද රථයේ මාර්ගය හරස් කර T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
















