බදුල්ල-චෙන්කලාඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සෞදි සංවර්ධන අරමුදලේ (SFD) ණය මුදල්වලින් ක්‍රියාත්මක අම්පාර-උහන-මහඔය මාර්ගය වැඩිදියුණු කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.4ක ණය ඉතිරියක් අපේක්ෂා කෙරේ. එම
ඉතිරි ණය මුදල භාවිත කරමින්, පේරාදෙණිය-බදුල්ල-චෙන්කලාඩි මාර්ගයේ (A05) බදුල්ල-හාලිඇළ මාර්ග කොටසක් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
රුපියල් මිලියන 600ක ඇස්තමේන්තු පිරිවැයක් යටතේ බදුල්ල-හාලිඇළ මාර්ගයේ කිලෝමීටර 06ක කොටසක් (කිලෝමීටර 115 සිට කිලෝමීටර 121 දක්වා) මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතය. වසර 15කට වැඩි කාලයක් භාවිත කර ඇති, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වී තිබෙන කිලෝමීටර 1.5ක පමණ මාර්ග කොටසක් ද (කිලෝමීටර 119+620 සිට කිලෝමීටර 121+200 දක්වා) මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලට ඇතුළත් වේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. බදුල්ල-චෙන්කලාඩි මාර්ග ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව අරමුදල් සපයනු ලබයි.
















