• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බදුල්ල රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි ප්‍රමාදයක් පවතින බවට රෝගීන්ගෙන් චෝදනා

29 June 2026
in දේශීය, පුවත්
බදුල්ල රෝහලේ  ප්‍රතිකාර සේවාවන්හි  ප්‍රමාදයක් පවතින බවට  රෝගීන්ගෙන් චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බදුල්ල ශික්ෂණ රෝහලේ රක්තවේද සායනයෙන් (Haematology Clinic) සහ ප්‍රාදේශීය තැලසීමියා ඒකකයෙන් ප්‍රතිකාර ලබන රෝගීන් පවසන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන අධික ප්‍රමාදයන් සහ නිතර වෛද්‍යවරුන් මාරු කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් පවසන්නේ සායනයට පැමිණෙන රෝගීන් මෙන්ම වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන්ට ද පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමේදී දැඩි ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවන බවයි. අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන් පවා පැය ගණනාවක් වෛද්‍යවරයෙකු හමුවන තෙක් බලා සිටීමට සිදුවන අවස්ථා ඇත. තවද, වෛද්‍යවරුන් නිතර මාරු කිරීම හේතුවෙන් ප්‍රතිකාරවල අඛණ්ඩතාව බිඳ වැටී ඇති අතර, අලුතින් පත්වන වෛද්‍යවරුන් බොහෝ විට දිගුකාලීන රෝගීන්ගේ වෛද්‍ය ඉතිහාසය පිළිබඳව නොදැනුවත්වීම ගැටලුවක් වී තිබේ. මොනරාගල, හල්දුම්මුල්ල, කොස්ලන්ද, දියතලාව සහ වැල්ලවාය වැනි දුර බැහැර ප්‍රදේශවලින් අඩු ආදායම්ලාභී රෝගීන් පැමිණෙන බැවින්, පෞද්ගලික අංශයෙන් පරීක්ෂණ සිදු කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැත.
මේ පිළිබඳව රෝහල් පරිපාලන අංශයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, සියලුම ස්ථාන මාරුවීම්, විශ්‍රාම ගැනීම් සහ පත්වීම් සිදු කර ඇත්තේ ආයතන සංග්‍රහය සහ නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය රටපුරාම ක්‍රියාත්මක කර ඇති බවත්, මීට පෙර වසර ගණනාවක් තිස්සේ නියමිත පරිදි වෛද්‍යවරුන් මාරු කිරීම් සිදු කර නොතිබූ බවත් ඔවුන් පෙන්වා දෙයි. ස්ථාන මාරු ලැබ ගිය වෛද්‍යවරුන් වෙනුවට පත් කර ඇති නව වෛද්‍යවරුන් මඟින් ඉදිරියේදී සාමාන්‍ය පරිදි සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව පරිපාලන අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 5
Previous Post

අනුරාධපුර මෛත්‍රී විහාරස්ථානෙ ලක්ෂ 3ක් වටිනා ඝන්ඨාරෙ සොරාගෙන…. ගමම කැලඹෙද්දි හොරු තාම නිදැල්ලේ!

Next Post

වෙනිසුවෙලාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනයෙන් දැඩි ඉල්ලීමක්!

Editor TTV News

Editor TTV News

Next Post
බදුල්ල රෝහලේ  ප්‍රතිකාර සේවාවන්හි  ප්‍රමාදයක් පවතින බවට  රෝගීන්ගෙන් චෝදනා

වෙනිසුවෙලාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනයෙන් දැඩි ඉල්ලීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved