බගවන්තලාව නගරයේ බ්‍රිඩ්වෙල් වීදියේ පිහිටි මත්ස්‍ය වෙළෙඳසැලක අද (06) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න හේතුවෙන් එම මත්ස්‍ය වෙළෙඳසැල සහ එහි තිබූ සියලුම භාණ්ඩ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.
ගින්න අවට ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීමට කටයුතු කිරීමේදී යාබදව පිහිටි තවත් වෙළෙඳසැලකට සහ නිවසකට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා.
බගවන්තලාව පොලිසිය, ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයකින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, ඒ හේතුවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා.
සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර, ගින්නට හේතුව හෝ සිදුවූ දේපළ හානියේ වටිනාකම මෙතෙක් තහවුරු වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.














