• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ හොඳම කැල්සයිට් නිධිය බලංගොඩ කැල්සයිට් නිධියයි – මහාචාර්ය එච්.එම්. ටී. ජී. ඒ. පිටවල 

13 July 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

බලංගොඩ පිහිටි කැල්සයිට් නිධිය දැනට ලෝකයේ තිබෙන හොඳම කැල්සයිට් නිධිය වන අතර ඊට සමාන කළ හැකි ගුණාත්මක භාවයෙන් ඉහළම කැල්සයිට් නිධියක් ලෝකයේ කිසිදු රටකින් මෙතෙක් වාර්තා වී නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එච්.එම්. ටී. ජී. ඒ. පිටවල මහතා පවසයි.

බලංගොඩ කැල්සයිට් නිධීයේ දැනට කැණීම්වලින් ඉවත් කර ගෙන තිබෙන ටොන් 2000ක් පමණ වන කැල්සයිට් උපයෝගී කර ගනිමින් කැල්සියම් කාබනේට් නිමි භාණ්ඩයක් ලෙස නිපදවීමට ඇති හැකියාව සම්බන්ධව Zoom තාක්ෂණය ඔස්සේ පසුගියදා පරිසර අමාත්‍යාංශය විසින් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙම සාකච්ඡාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය මෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිලධාරිහු ද සහභාගි වූහ.

බලංගොඩ කැල්සයිට් නිධිය තුළ මේ වනවිට සුළු වශයෙන් කැණීම් කටයුතු විවිධ පුද්ගලයින් විසින් විධිමත් නොවන අයුරින් සිදු කරනු ලබයි. එමනිසා මෙම කැල්සයිට් නිධියෙන් නිසි පරිදි ප්‍රයෝජන ගැනීමට නම් එමගින් නිෂ්පාදන ගණනාවක් සඳහා යොදා ගත හැකි කැල්සියම් කාබනේට් නිමි භාණ්ඩයක් ලෙස නිෂ්පාදනය කළ යුතු බව අවධාරණය විය.

විශේෂයෙන් බෙහෙත් පෙති නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගැනෙනුයේ කැල්සියම් කාබනේට්ය. එමෙන්ම තීන්ත ඇතුළු ගොඩනැගිලි කර්මාන්තය සඳහාත්, සත්ව ආහාර නිෂ්පාදනයේ දීත් මෙම ද්‍රව්‍යය භාවිතා කරන බැවින් ඒ සඳහා වැඩි ඉල්ලුමක් නිමි භාණ්ඩයක් වශයෙන් නිෂ්පාදනය කිරීම මත අපනයනය වාසි ලබා ගත හැකිය.

එමනිසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, රාජ්‍ය ආයතනයක් වන තාක්ෂණික සේවා සමාගම මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් කැල්සියම් කාබනේට් මෙම කැල්සයිට් නිධිය යොදා ගනිමින් නිපදවීම සඳහා කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමට මේ වනවිට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව ඊට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට එක්වු මහාචාර්ය එපිටවල මහතා කියා සිටියේ අපේ රටේ පමණක් දැකිය හැකි මෙම දුර්ලභ ස්වාභාවික සම්පත තුළින් උපරිම ප්‍රයෝජනයට නොගැනීම ජාතියේ අවාසනාවක් බවයි. ලෝකයේ කිසිදු රටකට මෙම නිධියේ ඇති ගුණාත්මකභාවය හා සැසඳිය හැකි කැල්සයිට් නිධියක් නොමැති බව හෙතෙම කීය. අනෙක් රටවල කැල්සයිට් නිධි පවතින්නේ ඩොලමයිට් ආශ්‍රිතවය. එමනිසා ඒ දෙක වෙන් කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය.

නමුත් අපේ රටේ බලංගොඩ කැල්සයිට් නිධියේ තිබෙන්නේ තනිකරම කැල්සයිට් පමණක් වන හෙයින් ඩොලමයිට් වෙන් කිරීමක් කළ යුතු නැත. එමනිසා ඉහළ තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍ය නොවන බවත් දැන්වත් මෙම සම්පතින් උපරිම ප්‍රයෝජන ගන්නැයි මහාචාර්යවරයා ඉල්ලීමක් කළේය.

මෙහිදී දැනට මෙම නිධියේ කැල්සයිට් උපයෝගී කර ගන්නේ කවර කටයුත්තක් සඳහා දැයි අමාත්‍යවරයා නිලධාරින්ගෙන් විමසූහ. මෙම ලෝක ප්‍රසිද්ධ කැල්සයිට් නිධියේ කැල්සයිම් කාබනේට් දැනට කුකුළ් කෑම සඳහා පමණක් යොදා ගන්නා බව ඔවුහු කීහ.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අපේ රට ධන නිධානයක් මත හිඳිමින් සිඟමන් අයදින රටක් බවට පත් වී ඇත්තේ දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජන මෙතෙක් නොගත් නිසා බව ද සඳහන් කළේය.

Post Views: 5
Previous Post

පාසල් ආරම්භ කිරීම අගෝස්තු මාසයේ දී – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Next Post

මැණික් කර්මාන්තයට තිබු නීතිමය බාධකය ඉවත් කිරීමට ඇමැති විමල් පියවර ගනියි

editor

editor

Next Post

මැණික් කර්මාන්තයට තිබු නීතිමය බාධකය ඉවත් කිරීමට ඇමැති විමල් පියවර ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන්  ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන  නවතම AI වේදිකාවක්

ඉන්දියානු Rocket ආරම්භක සමාගමෙන් ව්‍යාපාරික උපායමාර්ග සැලසුම් කරන නවතම AI වේදිකාවක්

7 April 2026
Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
දකුණු කොරියාවෙන්  අඩු ආදායම්ලාභීන් සඳහා  මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

දකුණු කොරියාවෙන් අඩු ආදායම්ලාභීන් සඳහා මාස 3ක් ඇතුළත Financial Ladder ණය යෝජනා ක්‍රමයක්

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ  LY Corporation වෙතින් ‘Flava’ නමින්  නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

Yahoo Japan සහ Line ඒකාබද්ධ වූ LY Corporation වෙතින් ‘Flava’ නමින් නව ඒකාබද්ධ ක්ලවුඩ් (Cloud) පද්ධතියක්

7 April 2026
Intel සමාගම Google සහ Amazon සමඟ  උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා  සාකච්ඡා පවත්වයි

Intel සමාගම Google සහ Amazon සමඟ උසස් චිප් ඇසුරුම්කරණ ගනුදෙනු සඳහා සාකච්ඡා පවත්වයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved