බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) රාත්‍රී කාලයේදී සිදු කළ විශේෂ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බලන්ගොඩ, කොටියාගල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් සතුව තිබූ මැණික් ගැරීම සඳහා භාවිත කළ කැණීම් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 30 සහ 36 යන වයස්වල පසුවන බලංගොඩ සහ බලන්ගොඩ ප්‍රදේශවලම පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















