27 April 2024
#දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමට අදාළ මූලික කරුණු සාකච්ඡා කෙරේ

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීම් දෙකක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි පැවැත්විනි.

ඒ අනුව පසුගිය 09 වැනිදා සහ 10 වනදා එම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයා නම් කරන ලද නියොජිතයා වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා කඩිනමින් කථානායකවරයා වෙත භාර දීමට අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකඟ වූහ.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් වශයෙන් තෝරා පත් කර ගැනිම සඳහා අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීමක් පළ කිරීමට සහ ඒ සඳහා අයදුම්පත් යොමු කිරිමට සති 02ක කාලයක් ලබා දීමටද මෙහිදි එකඟත්වය හිමි විය.

ඒ අනුව, උක්ත දැන්වීම දිනපතා සහ සති අන්ත පුවත්වල පළ කෙරෙන අතර අයදුපතෙහි ආකෘතිය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *