27 April 2024
#ක්‍රීඩා

බැසිල් නෙමෙයි අපේ නායකයා මහින්දයි

ඉදිරියේදී මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර දේශපාලන කටයුතු සිදු කරන බව හිටපු අමාත්‍ය චන්දිම විරක්කෝඩි මහතා පවසයි.

අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු විසින් ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබා දෙන බවයි.

බැසිල් රාජපක්ෂ මහතා සමඟ තම කණ්ඩායම සාකච්ඡා කර තින්දු තීරණ ගැනිමේ කිසිදු අදහස් නොමැති බවත් තමන් සාකච්ඡා කරනුයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *