හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම ගොවි ජනතාව පොහොර අර්බුදය හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව සිටින බව බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති. බත්තරමුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න මහතා ගොවීන් මුළා කරමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන බවයි.
“නාමල් කරුණාරත්න පොහොර තියෙනවා කියලා බොරු කියමින් වටේ යනවා කියලා ගොවියෝ මට කියනවා. ඔහු දැන් ගමට ආවොත් ගොවියෝ ඉදල් අතට අරගෙන තමයි බලාගෙන ඉන්නේ,” යැයි සීලරතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ. පවතින පොහොර හිඟය හමුවේ වගාවන් විනාශ වෙමින් පවතින පසුබිමක, ගොවි නායකයින් යැයි කියාගන්නා පිරිස් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් ගොවීන් තුළ පවතින්නේ දැඩි කලකිරීමක් බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.














