• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් සමඟ ගිවිසුම්ගත වෙයි

7 September 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අද (07) දින කොළඹ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිවිසුමට අත්සන් තැබීම දෙපාර්ශ්වය විසින් සිදු කරන ලදී.

බීසීසී ආයතනයට අදාළ සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරි වසර 05 තුළ නවීන තාක්ෂණයෙන් යුතු පොල්තෙල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිත බවත් මෑත කාලයේ රට තුළ පොල් තෙල් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරි තත්වය කෙරෙහි අවධානය යොමුකර බීසීසී ආයතනයේ යෝජිත පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වන තෙක් අන්තර්කාලීන ක්‍රියාමාර්ග වෙත අවධානය යොමු කරන ලද බවත් මෙම අවස්ථාවේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අනුව මෙරට පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් යුතු වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට බීසීසී ආයතනයට දැනට පවතින ප්‍රධානතම ගැටලුව වන නියමිත ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් තොග අඛණ්ඩව සපයා ගැනීමේ ගැටළුවට විසඳුම් ලෙස මෙම ගිවිසුම්ගත වීම සිදු කළ බවත් එමඟින් පෞද්ගලික අංශයේ ද සහාය ලබා ගනිමින් සිය නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට බීසීසී ආයතනයට හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බිසීසී කර්මාන්ත ශාලාව ඉදිකරන තෙක් නව තාක්ෂණයෙන් යුතු පොල්තෙල් සැකසුම් කර්මාන්ත ශාලාවක් මගින් බීබීසී පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල්තෙල් තොග වසර තුනක කාලයක් සඳහා ලඛා ගැනීමට විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තෝරාගත් එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ මෙසේ ගිවිසුම්ගත වූ බව බීසීසී ලංකා ලිමිටඩ් ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සඳහන් කළේය.

එසේම මෙම ගිවිසුම යටතේ අපේක්ෂිත අරමුණු අතර පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් බීසීසී ආයතනයේ අධීක්ෂණය මත සිදු කිරීමට හැකිවීමෙන් නිෂ්පාදනයන්හි විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි වීම, පොල් සංවර්ධන මණ්ඩලය පොල්තෙල් සඳහා නිකුත් කරනු ලබන තත්ත්ව සහතිකය, ප්‍රමිති ආයතනයේ එස්එල්එස් සහතිකය ඇතුළු ජාත්‍යන්තර තත්ව සහතික යටතේ බීසීසී නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ අවස්ථාව උදාකර ගැනීම, බීසීසී නිෂ්පාදන අපනයනය සඳහා අවස්ථාව උදාකර ගැනීම හා අපේක්ෂිත අලෙවි සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ධාරිතාව කෙටිකාලයක් තුළ වැඩි කරගැනීම යන ඒවා ද වන බව වෙලේගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට බීසීසී ලංකා ලිමිටඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති චමින්ද වෙලේගම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනුජ කරුණාරත්න, සාමාන්‍යාධිකාරී එස්.එම්.සී.ඩබ්. රන්ජන්, එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙනුවෙන් එහි සභාපති එස්. පී. එල්. පතිරත්න, කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාමේන්දු වික්‍රමාරච්චි, අධ්‍යක්ෂිකා එල්. එන් ජයසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

මැතිවරණ සහ ඡන්ද විමසීම් ගැන සාකච්ඡා තවදුරටත් – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Next Post

කොවිඩ් රැලි පරාජය කිරීමට ශක්තිමත් නායකත්වය සහ මහජන සෞඛ්‍ය පිළිවෙත් ඉවහල් වුණා – සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

කොවිඩ් රැලි පරාජය කිරීමට ශක්තිමත් නායකත්වය සහ මහජන සෞඛ්‍ය පිළිවෙත් ඉවහල් වුණා - සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved