1984 වසරේදී උපත ලබා මාසයක් ගතවෙත්ම බෙල්ජියම් ජාතික පවුලක් විසින් හදා වඩා ගැනීම සඳහා රැගෙන ගිය නෙවි සුවාදා නමැති තරුණිය, තම සැබෑ ශ්‍රී ලාංකික මව සොයා සිය පවුලේ අය සමඟ දිවයිනට පැමිණ සිටී. තම මව හමුවීමේ දැඩි බලාපොරොත්තුවෙන් පසුවන ඇය මේ වන විට මව පිළිබඳ තොරතුරු සෙවීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.
ඇය සතු උප්පැන්න සහතිකයට අනුව ඇගේ මවගේ නම නේයි සූහේරා (Nei Suheera) වන අතර, මව 1956 අප්‍රේල් මස 09 වන දින කොළඹ උපත ලබා ඇත. දරුවා බෙල්ජියම් පවුලට භාරදෙන කාලසීමාවේදී ඇය උතුරු මාකොළ, කඩවත ලිපිනයේ පදිංචිව සිට ඇති අතර, ඇය මේ වන විට 70 හැවිරිදි වියේ පසුවිය හැකි බවට විශ්වාස කෙරේ.
නෙවි සුවාදා තවත් දින කිහිපයකින් නැවත බෙල්ජියම බලා පිටත්ව යාමට නියමිත බැවින්, තම මව හෝ ඇය පිළිබඳ කිසියම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත් වහාම පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඇය කාරුණිකව ඉල්ලා සිටියි.
සම්බන්ධ කර ගැනීමට: 0772112745 හෝ 0779941919
















