1984 වසරේදී උපත ලබා මසක් ගතවෙත්ම බෙල්ජියම් පවුලක් විසින් හදා වඩා ගැනීම සඳහා රැගෙන ගිය නෙවි සුවාදා නමැති තරුණිය, තම ශ්‍රී ලාංකික මව සොයා සිය පවුලේ අය සමඟ දිවයිනට පැමිණ සිටී. තම සැබෑ මව හමුවීමේ බලාපොරොත්තුවෙන් ඇය මේ වන විට මහත් වෙහෙසක් දරමින් සිටියි.
ඇය සතු උප්පැන්න සහතිකයට අනුව මවගේ නම නේයි සූහේරා වන අතර, ඇය 1956 අප්‍රේල් මස 09 වන දින කොළඹ උපත ලබා ඇත. දරුවා බෙල්ජියම් පවුලට භාර දෙන කාලයේ ඇය උතුරු මාකොළ, මාකොළ (කඩවත) ලිපිනයේ පදිංචිව සිට ඇති අතර, එම කාන්තාව මේ වන විට 70 හැවිරිදි වියේ පසුවිය හැකි බවට සැළකේ.
තව කිහිප දිනකින් ඇය නැවත බෙල්ජියම බලා පිටත්ව යාමට නියමිත බැවින්, තම මව පිළිබඳව යම් තොරතුරක් දන්නා අයෙක් වෙතොත් පහත දුරකථන අංක වෙත වහාම දැනුම් දෙන ලෙස ඇය කාරුණිකව ඉල්ලා සිටියි.
සම්බන්ධ කර ගැනීමට: 0772112745 හෝ 0779941919















