ජර්මනියේ බර්ලින් නුවර පැවති ප්‍රයිඩ් (Pride) සැමරුම් අතරතුර ජනප්‍රිය උද්‍යානයක් තුළට මෝටර් රථයක් පැදවීමෙන් සිදුවූ අනතුරට සම්බන්ධ සැකකරු, එරට “ඉස්ලාමීය අන්තවාදී කවයට” (Islamist scene) සම්බන්ධ අයෙකු ලෙස හඳුනාගෙන ඇති බව බර්ලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
සැකකරු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති වුවද, ඔහුව හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතියි.
බර්ලිනයේ සැමරුම් අතරතුර සිදුවූ මෙම මෝටර් රථ ප්‍රහාරයෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇත.














