27 April 2024
#දේශීය

ICTA හි අධ්‍යක්ෂ මණ්ඩලයට භානුක හරිස්චන්ද්‍ර පත් කෙරේ

ඩිජිටල් උපදේශන ආයතනයක්වන සර්ජ් ග්ලෝබල් හි Surge Global නිර්මාතෘ සහ ප්‍රධාන වර්ධන නිලධාරි භානුක හරිස්චන්ද්‍ර මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර ඇත.

එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්‍තනය මෙහෙයවන ප්‍රධානතම ආයතනය ලෙස වර්තමානයේ ආරම්බකර ඇති කාර්යයන් වේගවත්ව ඉදිරියට ගෙනයාම සදහා ඔහුගේ දායකත්වය අපේක්‍ෂා කරන බවයි.

භානුක හරිස්චන්ද්‍ර මහතා ආරම්බකල සර්ජ් ග්ලෝබල් ආයතනය අලෙවිකරණ දත්ත සහ තාක්‍ෂණය තුළින් ගෝලීය ව්‍යාපාර පරිවර්‍තනය කිරීමට හා වර්ධනයකිරීමට උපකාරී වේ. භානුක තමාවිසින්ම ගොඩනගාගත් ව්‍යවසායකයෙක් වන අතර ව්‍යාපාර කරණයේදී ක්‍රමවේදයන් සකස් කිරීම් සදහා අත්හදා බැලීම් හා අනුවර්තනයවීම් විශ්වාස කරයි.

ඔහුගේ මාධ්‍ය සහ තාක්‍ෂණික ජීවිතය ආරම්භ වූයේ වයස අවුරුදු 19 දී යූ ටියුබ් බහුමාධ්‍ය නාලිකාවක් දියත්කිරීමෙනි.එමගින් 600 කට අධික අන්තර්ගත නිර්‍මාණකරුවනට අදායම් මාර්ග සැකසීමට සහ බිලියන භාගයක් පමණ ඊ -ක්‍රීඩා වීඩියෝ දර්ශන ලෝලීන් එක්කරගැනීමට හැකිවිය .2018 දී ඩොලර් බිලියන ගණනක ටවිස්ටොක් සමූහයෙන් ආයෝඡනයක් ලබා ගැනීමට සර්ජ් ග්ලෝබල් සමත් විය. පසුගිය වසර 5 තුළභානුක ඩොලර් බිලියන ගණනක් වටිනා ඇමරිකානු ස්මාර්ට් නගර උපායමාර්ගය සාර්ථකව මෙහෙයවීමට ප්‍රමුකත්වය ගන්න ලදී. ඕස්ට්‍රේලියාවේ පැරණිතම මෙහෙයුම් සමාගමක් සදහා ප්‍රමුඛ පෙළේ විශ්ලේෂණ මෘදුකාංගයක් ද නිර්මානය කිරීමටද ඔහුට හැකිවිය. තාක්ෂන අතින් වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලාංකික නාමයන් රැසක් අන්තර් ජාතික තලයට ගෙනයමින් ඩොලර් මිලියන ගණනක් සාර්ථකව උපයාගනිමටද නායකත්වය දීමට ඔහුට හැකිවිය .භානුක හරිස්චන්ද්‍රර මහතා කීර්තිමත් TED x කථිකයෙකු වන අතර ඩිජිටල් අවකාශය තුළ ඔහුගේ දායකත්වයට ඉහල පිළිගැනීමක් ලැබීතිබේ.එය 2021 දී ආසියාවේ ෆෝබ්ස් සඟරාවේ ’ ’30 Under 30 ‘ ලෙස ඔහුගේ නම සටහන්ව ඇති බව ICTA ආයතනය මගින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *