පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැඳවා සාකච්ඡා පැවැත්වීමට විපක්ෂ නායකවරයාට කිසිදු බලයක් නොමැති බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එවන් තීරණයක් ගත යුත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් බවත්, එවැනි ආකාරයට කටයුතු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කිසිදු සංවිධානයකට අවසර ලබාදී නැති බවත් සභානායකවරයා පැවසීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් කිහිප දෙනකු පාර්ලිමේන්තුවේ පවත්වන සාකච්ඡාවට සහභාගි වන ලෙස සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කථානායකවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය. වෘත්තීය සංවිධානවල විවිධ බෙදීම් පවතින බැවින්, පොදු එකඟතාවකින් තොරව සියලු මන්ත්‍රීවරුන් කැඳවා එවැනි සාකච්ඡා පැවැත්වීමට විපක්ෂ නායකවරයාට හැකියාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















