• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උප්පැන්න , විවාහ සහ මරණ සහතිකය විනාඩි පහෙන්

16 September 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහිතකවල පිටපත් බත්තරමුල්ලේ රෙජිස්ටර් ජනරාල් කාර්යාලයෙන් විනාඩි පහක කාලයකදී කඩිනමින් ලබා දීමේ සේවාව ආරම්භ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ 1960 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා මෙරට උපන්, විවාහ වූ සහ මරණයට පත්වූ අයගේ සහතික සියල්ල කඩිනමින් ලබාගැනීමේ හැකියාව ලැබේ.

දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් 183ක පමණක් මෙවැනි සේවාවක් කලින් පැවති අතර එය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අපේක්ෂාවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ඊට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් මධයම ලේඛනාගාරයේ ද මෙම කඩිනම් සේවාව ආරම්භ කරයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ මෙසේ අදහස් පල කර සිටියේය ”කලින් පැවැති ක්‍රමය වූයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික පිටපත් ලබා ගැනීමේ ක්‍රමයයි. මෙයින් ජනතාව ඉතා අසීරුතාකට පත්වෙනවනා. ඇතැම් අයට තමන්ගේ රැකියාවෙන් නිවාඩු අරගෙන උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න වෙනවා අදාල සහතිකයේ පිටපතක් ලබා ගැනීමට. නූතන තාක්ෂණය අනුව මේ ක්‍රමය වෙනස් කළා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම තිබෙන 1960 වර්ෂයේන පසු නිකුත් කළ උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික පිටපත් කරලා අපේ දත්ත ගබඩාවකට ඇතුලත් කරලා තිබෙනවා. ඒ් අනුව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ තිබෙන‌ සේවා කවුළු දෙකකින් ඔ්නෑම අයකුට මේ සේවාව ලබාගත හැකියි. 2012 සිට මේ දක්වා සහතික තවම පිටපත් කර අවසන් නැහැ. ඒය අවසන් වූ වහාම එම වර්ෂවල නිකුත් කළ සහතික ලබාගැනීමේ පහසුකමත් අපි කඩිනමින් සළසනවා. එමෙන්ම ඉදිරියෙ දී උප්පැන්න සහතික රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සන සහිතව නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් සකස් කරමින් තිබෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම වැඩසටහන ජනතාවට වඩාත් පහසුවක් වන අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තදබදය අඩුවීමට ද හේතුවක් වනු ඇති බවයි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19
Previous Post

ආණ්ඩුවේ ඊලග පියවර ගැන අගමැති හෙළි කරයි

Next Post

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

editor

editor

Next Post

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved