27 April 2024
#ක්‍රීඩා

අපරාජිත ශ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයක්

ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික වටයේදී සිය දෙවන ජයග්‍රහණය මලයාසියාවට එරෙහිව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙහි සුවිශේෂීත්වය වන්නේ, ඊයේ සහ අද පැවති තරග දෙකේදීම වට 3ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය හිමිකර ගැනීමටයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග ආරම්භයේ සිටම තරගයේ අනසක පැතිරවීමට සමත් විය. පළපුරුදු මලයාසියාව ක්‍රීඩකයින්ට දැඩි ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට අවස්ථාව ලබා දුන්නේ එක් වතාවක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ මලයාසියාව 25 – 16, 25-18 සහ 25-23 වශයෙන් ලකුණු ලබාගත්තේය.

ශ්‍රී ලංකාව හෙට දිනයේ ඒ කාණ්ඩයේ තවත් මූලික වටයේ තරගයකට එක්සත්අරාබි එමීර් රාජ්‍යය සමග තරග වැදීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *