වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මැදිහත් වීමෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චමින්ද අබේසිංහ මහතාගේ මූලික සම්බන්ධීකරණයෙන් බියගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර සේවා විධිමත් කිරීමේ අරමුණින් මෙම විශේෂ පරිත්‍යාගය සිදු කර තිබේ. ජපන් – ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංවිධානයේ සාමාජිකයන් වන හරදා කට්සුමි (Harada Katsumi) සහ මෝරි හරියුකි (Mori Haruyuki) යන මහත්වරුන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් මත මෙම රෝහලට අත්‍යවශ්‍ය වායු සමීකරණ යන්ත්‍ර දෙකක් නිල වශයෙන් ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය.
මීට පෙර රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා ඇතුළු විදෙස් නියෝජිතයන් එහි නව රසායනාගාර ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම, රෝගී පරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබූ අතර, මෙම ප්‍රායෝගික වැඩපිළිවෙළ හරහා ප්‍රදේශයේ ජනතාවට ලැබෙන සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මංපෙත් විවර වී තිබේ.
මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතා සහ පුද්ගල දායකත්වයන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු මඟහරවා ගැනීමට මහත්බලපෑමක් වන අතර, ඉදිරියේදී බියගම ප්‍රාදේශීය රෝහල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති මඟින් රෝගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු පරිසරයක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පසුබිම ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.















