බ්ලූ ඔරිජින් සමාගමේ ‘නිව් ග්ලෙන්’ රොකට්ටුව පසුගිය බ්‍රහස්පතින්දා කේප් කැනවෙරාල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයේදී පැවැත්වූ එන්ජින් පරීක්ෂණයකදී පිපිරී විනාශ විය. මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතී.
රොකට්ටුවේ එන්ජින් 07ක් ක්‍රියාත්මක කිරීමේ පරීක්ෂණයකදී මෙම පිපිරීම සිදුවී ඇති අතර, එයින් දැවැන්ත ගිනි ජාලාවක් නිර්මාණය විය. සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සමාගම තහවුරු කරයි.
මෙම පිපිරීම නිසා බ්ලූ ඔරිජින් සමාගමට අයත් එකම දියත් කිරීමේ වේදිකාව දැඩි ලෙස හානියට පත්ව තිබේ. එහි තිබූ අකුණු සැර වැදීම වැළැක්වීමේ කුළුණක් සහ රොකට්ටුව ප්‍රවාහනය කරන උපකරණ ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ඉදිරි සතියේදී ඇමසන් සමාගමේ චන්ද්‍රිකා 48ක් අභ්‍යවකාශයට යැවීමට නියමිතව තිබූ අතර, මෙම අනතුර නිසා එම මෙහෙයුම සහ නාසා ආයතනයේ ‘ආටෙමිස්’ සඳ ගවේෂණ වැඩසටහන් ඇතුළු අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් රැසක් මාස ගණනාවකින් ප්‍රමාද වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.
සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අදාළ දත්ත විශ්ලේෂණය කරමින් පවතින බව සමාගම පවසයි. ජෙෆ් බෙ,සෝස් පවසා ඇත්තේ මෙය ඉතා දුෂ්කර දිනක් වුවද, අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කර නැවත වරක් ගුවන්ගත කිරීම් ආරම්භ කරන බවයි.

