ගම්පහ සහ දාරළුව අතර දුම්රිය මාර්ගයේ, ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයෙන් පුද්ගල මළසිරුරක් හමුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළසිරුර ඉවත් කරන තෙක් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වන තුරු ප්‍රමාදයන්ට ලක්විය හැකි බව දන්වා සිටියි.














