‘බෝධිරාජපුර විමුක්ති’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මත්ද්‍රව්‍ය සහ ආයුධ කිහිපයක් සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘චමිල’ නමැත්තාගේ කල්ලිය වෙනුවෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23.5ක්, කඩුවක් සහ පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














