වයස අවුරුදු 16දී මුහුද යට කිමිදෙද්දී මාළුන්ට වඩා ප්ලාස්ටික් දැකලා, ලෝකයම වෙනස් කරන්න තීරණය කරපු අසිරිමත් තරුණයෙකුගේ සත්‍ය කතාවක්..
නෙදර්ලන්ත ජාතික බොයාන් ස්ලැට් (Boyan Slat) නමැති මෙම තරුණයා, සාගරයේ ඇති ප්ලාස්ටික් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා තමන් හදාරමින් සිටි විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා අතහැර දැමුවා. ඉන්පසුව “The Ocean Cleanup” නමින් සංවිධානයක් ආරම්භ කළ ඔහු, සාගර තරංග සහ ස්වාභාවික දියවැල් භාවිතයෙන් ප්ලාස්ටික් එකතු කළ හැකි විශේෂිත තාක්ෂණික යන්ත්‍ර (System/Interceptor) නිර්මාණය කළා. ඔහුගේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය මඟින් මේ වන විට ලොව පුරා සාගර සහ ගංගාවලින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 60කට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කර අවසන්.














