බ්‍රසීලයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු තම ආයතනයේ සේවය කරන තරුණ සේවිකාවන් තිදෙනෙකුගේ සම්පූර්ණ විශ්වවිද්‍යාල අධ්‍යාපන ගාස්තු (Full University Fees) ගෙවා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ සේවිකාවන් තිදෙනා දිවා කාලයේ රැකියාවේ නිරත වෙමින් රාත්‍රී කාලයේ සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වන බව දැනගත් ව්‍යාපාරිකයා මෙම තීරණය ගෙන තිබේ.
තම අධ්‍යාපන වියදම් පියවා ගැනීම සඳහා රැකියාවේ නිරත වූ මෙම තරුණියන්ගේ කැපවීම අගය කළ ව්‍යාපාරිකයා, ඔවුන් තම කාර්යාලය වෙත කැඳවා මෙම සුවිශේෂී පුවත දැනුම් දී ඇත. එම අවස්ථාවේදී දැඩි ලෙස සංවේදී වූ තරුණියන් සතුටු කඳුළු සලමින් තම සේවායෝජකයා වෙත කෘතඥතාව පළ කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධ වෙමින් පවතී. බොහෝ දෙනා මෙම උදාර ක්‍රියාව හඳුන්වා දී ඇත්තේ හුදෙක් මූල්‍යමය උපකාරයකට වඩා එම තරුණියන්ගේ අනාගතයම ආලෝකමත් කළ උතුම් පුණ්‍යකර්මයක් ලෙසයි.

















