රේගු නිෂ්කාශනයකින් තොරව මෙරටට ආනයනය කළ වාහන දෙකක් නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම පවසන පරිදි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ එක්ව මෙම වාහන දෙක දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට සැකකරු ආධාර අනුබල ලබා දී ඇත. මෙම වාහන රේගු බදු ගෙවීමකින් හෝ රේගු නිෂ්කාශනයක් ලබා ගැනීමකින් තොරව මෙරටට ආනයනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. නීතිවිරෝධී මාරු කිරීමේ ක්‍රියාවලියක් හරහා ලියාපදිංචි සහතික නිකුත් කිරීමට සැකකරු පහසුකම් සලසා ඇතැයි ද වාර්තා වේ.
හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
















