බහමාස් දූපත් සමූහයේ බිමිනි දූපත ආසන්නයේදී මුහුදේ ගසාගෙන ගිය සිය පුතුන් දෙදෙනා බේරාගැනීමට උත්සාහ කළ 36 හැවිරිදි බ්රිතාන්ය ජාතික මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්ය වාර්තා අනුව, ඇය සිය සැමියා සහ පුතුන් දෙදෙනා සමඟ මුහුදේ පිහිනමින් හා කිමිදෙමින් සිටියදී දැඩි දියවැලකට හසුව දරුවන් දෙදෙනා ගසාගෙන ගොස් ඇත.
දරුවන් බේරාගැනීමට මුහුදට ගිය මව ද දියවැලට හසුව ගසාගෙන ගොස් ඇති බව බහමාස් රාජකීය පොලිසිය සඳහන් කරයි. පසුව දරුවන් දෙදෙනා බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.
සිහිසුන්ව සිටි මවට ප්රථමාධාර ලබාදී ප්රදේශයේ වෛද්ය මධ්යස්ථානයකට රැගෙන ගියද, ඇයගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් අපරාධයක සැකයක් නොමැති බව පොලිසිය පවසයි. මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.














