27 April 2024
#දේශීය

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් – ජනපති කියයි

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටින පානීය ජල ගැටළුව විසඳීමට මෙවර අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා රට පුරා කළ චාරිකාවේ දී ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් වූයේ පානීය ජල අවශ්‍යතාවයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතව ජන හමුවකදිය.

අපේක්ෂක රෝහිත තිලකරත්න මහතා බණ්ඩාරවෙල, දෝව රජමහා විහාරය අසළ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පා ඇති ගැටළු විසඳීමට පියවර ගන්නා බව පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *