27 April 2024
#දේශීය

සඳහිරි සෑ චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම 28 වනදා

අනුරාධපුර ඉදිවන සඳහිරු සෑ චෛත්‍යයේ නිදන් වස්තු තැන්පත් කිරීම එලැඹෙන 28 වනදා එනම් මැදින් පුන් පොහෝ දින සිදු කිරීමට නියමිතයි.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ මහජනතාවට නිදන් වස්තු පුජා කිරීමට ලබන 20 වනදා සිට 27 වනදා දක්වා සතියක කාලයක් ලබා දී ඇති බවයි.

කුරිරු ත්‍රස්තවාදයට ගොදුරු වී මිය ගිය, තුවාල ලැබු හා ආබාධිත වු රණවිරුවන් සහ රට වැසියන් සිහි කිරීම හා ඔවුන් විසින් කල කැපකිරීම අගය කිරීම වෙනුවෙන් මෙම සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *