ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන අද (25) දිවයිනට රැගෙන එන ලද ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.
මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි මෙම සැකකරු මෙරටට රැගෙන ඒමෙන් පසු දැඩි ආරක්ෂක රැකවල් යටතේ මෙලෙස CCIB වෙත භාර දී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.














