27 April 2024
#දේශීය

ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් …. සිව් වසරකට පසු බාල පුතා අත්අඩංගුවට

ඇඩම් එක්ස්ෆෝ පුද්ගලික සමාගම ඇතුළු සමාගම් 9ක හිමිකරුවෙකුව සිටි ශබීර් අබ්බාස් ගුලන්හුසෙන් යන අය සේවා කාර්යාලය තුලදී මිය යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සිදුව ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේදීය. එම ව්‍යාපාරිකයාගේ මරණය ස්වාභාවික නොවන ගෙල සිර කිරීමෙන් සිදු වු මනුෂ්‍ය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු ඝාතනයට සැක පිට ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක් වු මරණකරුගේ බාල පුත්‍රයා ඊයේ (11) දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සුක්ෂමව ලෙස සිදු කොට ස්වාභාවික මරණයක් ලෙස හැගෙන පරිදි සැලසුම් කොට අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලද පරික්ෂණයෙන් අනාවරණ වී ඇත.

අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ පසුගිය ජුනි මස 9 වනදා අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ කාර්යාලය තුලදී මිය ගොස් ඇති අතර එම මරණය සැක සහිත බවට ලද පැමිණිල්ලක් මත සිදුකල දීර්ඝ විමර්ශණයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මෙම ව්‍යාපාරිකයාගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් පසු ඇතුල් කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 37 හැවිරිදි බාල පුත්‍රයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීයී.

මෙම ඝාතනය සූක්ෂම ලෙස සිදුකර ස්වභාවික මරණයක් ලෙස හැඟෙන පරිදි සැලසුම් කොට අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙය එම ව්‍යාපාරිකයාගේ බාල පුත්‍රයා විසින් සිදු කල ඝාතනයක් බවට සියුම්ව කරන ලද පරීක්ෂණ වලදී අනාවරණ කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *