මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ වැදගත් පියවරක් ලෙස, එහි ලොට් A (Lot A) කොටසේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතියේ ලොට් A කොටසට මුල්ලිකුලම් කිලෝවෝල්ට් 220/33 රැස්කිරීමේ ග්‍රිඩ් උපපොළේ ආදාන පැතිකඩ සහ එම ග්‍රිඩ් උපපොළෙහි කිලෝවෝල්ට් 220 රැහැන් බහනු 02ක් ඉදිකිරීම ඇතුළත් වේ. ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමෙන් පසුව ලැබුණු ලංසු 04ක් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු ලෙස තෝරාගත් ඉන්දියාවේ RS Infraprojects (Pvt) Ltd ආයතනය වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 499.66ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලක් වැය වනු ඇත.
මීට පෙර 2025 වසරේ පෙබරවාරි මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර, ව්‍යාපෘතියේ ලොට් B කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව දැනටමත් පිරිනමා අවසන්ය.
















