මෙවර මහ කන්නයේදී වී සහ අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර තොග කල්තියා සූදානම් කර තබා ගැනීමේ අරමුණින් යූරියා (Prilled) මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම යූරියා තොගය සෘජු පොහොර ලෙස භාවිත කිරීමට මෙන්ම, එළවළු සහ අනෙකුත් බෝග සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර නිෂ්පාදනය කිරීමට ‘ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්’ ආයතනය සැලසුම් කර තිබෙනවා. 2026/2027 මහ කන්නයේදී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව අවශ්‍ය පොහොර ලබා දීම සහතික කිරීම මෙම පියවරේ මූලික අරමුණයි. මෙම පොහොර තොගය මිලදී ගැනීමේදී ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.














