මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මේ සඳහා රුපියල් බිලියන 112ක සම්පූර්ණ පිරිවැය කිසිදු නව විදේශ ණය ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකා රජයේ අරමුදලින්ම වැය කිරීමට තීරණය කර තිබීමයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දුන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
පසුගිය මාස 18ක කාලය තුළ මුදල් අමාත්‍යාංශය විසින් අනුගමනය කළ උපායමාර්ගික නායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති බවට මෙය කදිම සාක්ෂියකි. කලක් හුදෙක් සිහිනයක්ව පැවති මෙම ව්‍යාපෘතිය දැන් යථාර්ථයක් වී ඇති බවත්, එය රටේ ආර්ථික ශක්තිය විදහා දක්වන සන්ධිස්ථානයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ සහ මහනුවර අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තීරණාත්මක කොටසක් ලෙස මෙම රඹුක්කන – ගලගෙදර අදියර හඳුනාගෙන ඇත.














