• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතිය

5 November 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ පළමු LNG (ද්‍රවීකෘත ස්වාභාවික වායු) විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නිපදවිය හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු කෙරවලපිටිය ලක්දනවි විදුලිබලාගාර පරිශ්‍රයේ ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයට වැඩි කොටස් අයිතිය හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) සමාගමට ඔවුන් සතු ලක්දනවි බලාගාර පරිශ්‍රයේ අදාල ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ලක්දනවි ස්වභාවික වායු විදුලිබලාගාරයේ ඉදිකිරීම් කටයුතු මෙම නොවැම්බර් මස අගභාගයේ ආරම්භ කරන බවත්, සෞභාග්‍යයේ දැක්මට අනුව වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් 70%ක් පිවිතුරු හා පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගැනීම ඉලක්ක කරගනිමින් මෙවැනි විදුලිබලාගාර ඉදිකිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇති බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනයෙන් 35%ක් පමණ සැපයෙන්නේ ඩීසල් බලාගාර වලින් වන අතර එයින් නිපදවන ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 30/=ක් තරම් අධික වන අතර LNG විදුලිබලාගාර මඟින් එය රුපියල් 15/=ක් දක්වා අඩුකර ගතහැකි බව පැවසේ. වසර 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියේ ඩීසල් ජනන දායකක්වය 5%ක් දක්වා අඩු කරගනිමින්

විදුලි පාරිභෝගිකයන්ට අඩු මිළ සේවාවක් සපයමින් ජාතික ආර්ථිකයට ශක්තියක් සැපයීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බවද විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

 

 

 

 

 

Post Views: 7
Previous Post

ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9092 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 9092 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved