• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසිරි සෙන්ට්‍රල් රෝහල, උතුරු පළාතේ සෞඛ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වයි

5 November 2020
in ව්‍යාපාර

උතුරු පළාතේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා එම පළාතේ සිටින ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත විශේෂ පුහුණුවක් ලබාදීමට ආසිරි රෝහල් ජාලය පසුගියදා පියවර ගත්තේය.

ඒ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මිය කළ ඉල්ලීමකට අනුව මෙරට සෞඛ්‍ය අංශයේ රාජ්‍ය හා පෞද්ගලික නව සහයෝගීතාවකට ද ඉඩ සලසමිනි.

තෙදිනක් පුරා පැවති පුහුණු වැඩසටහනට උතුරු පළාතේ රජයේ රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතන නියෝජනය කරමින් සායනික හා සායනික නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෝ 112 දෙනෙක් එක්ව සිටියහ. ඒ කාණ්ඩ හයක් යටතේ ය. ඊට අධ්‍යක්ෂවරු, වෛද්‍ය නිලධාරීන්, අධීක්ෂකවරු, සැලසුම් නිලධාරීන්, මේට්‍රන්වරු, හෙද නිලධාරීන් හා කළමනාකාර සේවා නිලධාරීන් අයත් විය.

රෝගී ආරක්ෂක කළමනාකරණය, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය, තොරතුරු කළමනාකරණ පද්ධති හා සන්නිවේදනය, ආසාදන පාලනය, අපද්‍රව්‍ය කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, පිරිවැය පාලනය හා භාණ්ඩ ප්‍රවාහන වැනි මාතෘකා රැසක් ඔස්සේ එහිදී දැනුම බෙදාගැනුණි.

තව ද මෙම පුහුණු වැඩසටහන අතරතුරදී ජාත්‍යන්තර JCI ප්‍රතීතන සහතිකය ලත් ආසිරි සෙන්ට්‍රල් රෝහල වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකරමින්, එහි නවීන පහසුකම් පිළිබඳ වටිනා අත්දැකීමක් ලබාගැනීමට ද ඊට සහභාගී වූ පිරිසට අවස්ථාව උදාවිය. ඒ අනුව ආසිරි සෙන්ට්‍රල් රෝහල සතු ස්නායු දැඩි සත්කාර ඒකකය, ස්නායු කැතීටකරණ රසායනාගාරය, රුධිර කාන්දු පෙරන මධ්‍යස්ථානය, හෘද හදිසි ප්‍රතිකාර ඒකක, ජෛව වෛද්‍ය අංශය, වෛද්‍ය වාර්තා අංශය, ඉන්ධන ගබඩාව, ජෙනරේටර් හා නඩත්තු අංශ ආදී බොහෝ පහසුකම් අධ්‍යයනය කිරීමට ඔවුන්ට හැකිවිය.

පුහුණු වැඩසටහන අවසානයේදි ඊට සහභාගී වූ සියලු දෙනාට සහභාගීත්ව සහතිකයක් ද හිමිවිය. එමෙන්ම ඔවුන්ගේ සුබවාදී ප්‍රතිචාර හරහා වැඩසටහනේ සාර්ථකත්වය ද මනාව පිළිබිඹු විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ආසිරි රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා පැවසුවේ, වසර ගණනාවක් පුරාවට රාජ්‍ය සෞඛ්‍ය සේවාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ කීර්තිමත් ඉතිහාසයක් ආසිරි රෝහල් සමූහය සතු බව ය. “උතුරු පළාතේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට සහාය වීමට ලැබීම අපට විශාල සතුටක්. ඒ හරහා ප්‍රජාවගේ සෞඛ්‍ය අවශ්‍යතා නිසි ලෙස ඉටුකිරීමේ අවස්ථාව ඔවුන්ට උදාවෙනවා. විශේෂයෙන් ම වර්තමානයේදී අපේ රට සෞඛ්‍ය අභියෝග ගණනාවකට මුහුණ දෙන පසුබිමක, මෙම පුහුණු වැඩසටහන හරහා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවුණා” යැයි කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ආසිරි සෙන්ට්‍රල් යනු ආසිරි රෝහල් සමූහය සතු අංග සම්පූර්ණ නවීනතම රෝහල වන අතර, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළ ප්‍රගමනයක් අත්කරගත් සුවිශේෂී රෝහලක් ලෙස එය දැවැන්ත ප්‍රසිද්ධියක් උසුළයි. එම රෝහල මගින් රෝග හඳුනාගැනීමේ පටන්, රෝග ප්‍රතිකාර සේවාවන් දක්වා ලොව උසස් ම තාක්ෂණය භාවිත කරමින් විශිෂ්ට සේවාවක් මෙරට ජනතාවට හිමිකරදෙයි. විශේෂයෙන් ම JCI ප්‍රතීතනය ලත් ප්‍රමුඛ පෙළේ රෝහලක් ලෙස රෝගී සත්කාරය හා ආරක්ෂාව කෙරෙහි උපරිම අවධානයක් යොමුකිරීමට ආසිරි සෙන්ට්‍රල් රෝහල නිබඳව කැප වී සිටී.

 

Post Views: 8
Previous Post

කොරෝනා රෝගින් හදුනාගැනීමත් සමඟ බන්ධනාගාරා තුළ පුර්ව හදිසි සැලසුම් ක්‍රියාත්මකයි

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතිය

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved