27 April 2024
#දේශීය

ශිෂ්‍ය භට බලකායේ සහතික ප්‍රදානය මාතලේදි

මාතලේ දිසාවේ ජාතික ශිෂ්‍යභට බලකායේ 13 වන බල ඇණියේ පාසල් ශීෂ්‍ය භට පිරිස් සදහා සහතික පත්‍ර බෙදා දීමේ උත්සවය ඉකුත්දා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හුලංගමුව 13 වන බල ඇණියේ මුලස්ථානයේදි පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ආර්.ඒම්.ජී. රත්නායක, පුහුණු විනය භාර නිළධාරී මේජර් එස්.එම්.ඩී. ප්‍රසංග යන මහත්වරුන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක, මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසුරිය යන මහත්ම මහත්මින් පාසල් විදුහල්පතිවරුන් ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *