• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

A/L සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දිර්ඝ කෙරේ

2 September 2021
in දේශීය

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙ අයදුම්පත් කැඳවීමේ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙතින් 2021.07.05 දින සිට 2021.07.30 දින දක්වා කැඳවනු ලැබුවද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මෙවර විභාගය සඳහා සෑම විභාග අපේක්ෂකයෙකු ම අයදුම් පත්‍ර ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online ) ක්‍රමවේදය මගින් පමණි.

ඒ අනුව, මාර්ගගත (Online ) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම (Mobile App ) “ DoE” වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරිදි මාර්ගගත (Online ) ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වේ.

උක්ත විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User Name ) හා මුරපද (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු වේ. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය.

 

 

 

 

 

 

Post Views: 19
Previous Post

අවුරුදු 20 – 30 අතර පිරිස් සඳහා වන එන්නත්කරණය ඇරඹේ

Next Post

එක්සත් රාජධානියේ කොටි සංවිධානය තහනම් අඛණ්ඩව

editor

editor

Next Post

එක්සත් රාජධානියේ කොටි සංවිධානය තහනම් අඛණ්ඩව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved